MR/JINARAJA MAHA PIRIVENA

මාර/ජිනරාජ මහ පිරිවෙන දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සුප්‍රකට භික්‍ෂු අධ්‍යාපනායතනයකි පොත්තේවෙල ජිනරාජ මහ පිරිවෙන. ව්‍යාවහාර වර්ෂ 1941 දී ආරම්භ කළ එය 1943මාර්තු 08 දින රජයේ අධ්‍යාපන ආයතනයක් වශයෙන් ලියාපදිංචි කොට ඇත. භික්‍ෂු අධ්‍යාපන ආයතනයක් වශයෙන් ආරම්භ කළ ද ප්‍රාදේශීය අවශ්‍යතා අනුව ගිහි සිසුන්ගේ ද දිවිමං බැබළවූ අධ්‍යාපන ආයතනයකි. මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයට හා හක්මණ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට අයත්වන මෙහි, මුලික පිරිවෙන් විෂය නිර්දේශය, අ.පො.ස (සා.පෙළ) , අ.පො.ස.(උ.පෙළ) තෙක් වන විෂය නිර්දේශ පමණක් නොව ප්‍රාචීන විභාග තෙක් වූ විෂය නිර්දේශ ඉගැන්වීම් සිදු කෙරේ. අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාව 1983 ජුනි 06 දින සිට මෙය මහ පිරිවෙනක් වශයෙන් උසස් කොට ඇත.